/ Oct 19, 2025

පොලිසියේ රාළහාමි ගංජා මල්ලක් එක්ක මාට්ටු!

යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි සමනළවැව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බලංගොඩ පොලිසිිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙලෙස ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සිය යතුරුපැදියෙන් ගෙන යමින් සිටියදී බලංගොඩ පොලිසියේ ජංගම මුර සංචාරක කණ්ඩායමට හසු වී තිබේ. සැකකරුගේ වැඩ තහනම් කර ඇති අතර යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top