/ Jan 10, 2026

වාහන පරීක්ෂාවේ සිටි පොලිස් නිලධාරියා යටකර ඝාතනය කරලා!

නව වසරේ පළමු දිනය වන අද (ජනවාරි 01) දින බිහිසුණු සිදුවීමක් වාර්තා වන්නේ අම්බලන්තොට පොලිස් වසමෙනි. අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය ආසන්නයේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු යටකර ඝාතනය කිරීමක් සිදුව තිබේ.

රාත්‍රී මුර සංචාර රාජකාරි කරමින් සිටි නිලධාරීන් පිරිසක් තංගල්ල සිට කතරගම දෙසට ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් නැවැත්විමට සංඥා කර ඇති අතර එම රථය නිලධාරීන් කණ්ඩායම යටකර පළා ගොස් ඇත.

මෙම අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 43 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ.

අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි ගමන් ගත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු පලා ගොස් තිබේ. පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top