/ Jun 03, 2025

සූර් වී කාර් පැද්ද පොලිස් නිලධාරියාගේ කාකි ඇඳුම ගැලවේ

බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකුගේ බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16 වැනිදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගෙන ඇති බවය.

අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට ලබන 23 වැනිදා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීවරයාගේ සේවය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top