/ Dec 06, 2025

නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින් අද (21) නුගේගොඩදී පැවත්වීමට නියමිත මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙස පොලීසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව රැළිය පැවැත්වෙන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලීසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත අවධාරණය කර ඇත.

එම රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිතයි.

අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කළ යුතු වෙයි.

එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට ඉඩ දිය යුතු බවටද සංවිධායකයින්ට පොලීසිය දැනුවත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top