/ Jul 26, 2025

දළදා වන්දනාවට අද නොඑන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්!

Police request not to attend the Tooth Relic

සිරි දළදා වන්දනාව පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර මේ වන විට සැදැහැවතුන් එක්ලක්ෂ විසිදහසක් පමණ ප්‍රමාණයක් දළදා වන්දනාව සිදුකර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට අද (20) දින වන්දනාව සඳහා ලක්ෂයක පමණ පිරිසක් මහනුවර නගරයට එක්ව ඇති බවත් දහවල් වන විට මෙම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවත් එබැවින් ඉරිදා නිවාඩු දිනය වන අද දින මගහැර වෙනත් දිනයක පැමිණ දළදා වන්දනාව සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා තවත් සතියක කාලයක් ඉඩප්‍රස්ථාව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top