/ Jan 10, 2026

ගණේමුල්ල සංජීව ඝාතනය Facebook සම්බන්ධය පොලිසිය කියයි!

ගණේමුල්ල සංජීව නම් අපරාධ කල්ලි නායකයා ඝාතනය කිරීම පිණිස කුලී වෙඩික්කරුවා පොළඹවාගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා පණිවිඩ යැවීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම පුද්ගලයා හිටපු හමුදා සාමාජිකයෙක් බව මෙම අපරාධ කල්ලි සාමාජිකයන් විසින් දැනගත් පසු , “ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ?” යනුවෙන් පළමුව විමසා ඇතැයි සඳහන්.

පසුව ටිකෙන් ටික ඔහුව පොළඹවාගෙන මෙම ඝාතනය සඳහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top