සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි වාර්තා වේ.
ස්ථාන ගණනාවක සොයා බැලුවද හිටපු අමාත්‍යවරයා එම ස්ථානවලින් සැඟවී පලා ගොස් ඇති බව ද පැවසේ. ඔහු අමාත්‍ය ධුරය දැරූ කාල සීමාව තුළ සතොස ආයතනයට අයත් ලොරි රථයක් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා තිබීම මගින් රජයට පාඩු සිදු කිරීම අදාළ චෝදනාව බව සඳහන්.
කෙසේ වෙතත් මෙම චෝදනාවටම අදාළව හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයා ජොහාන් ප්‍රනාන්දු ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය.





