දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
ඔහු රාජකාරී සඳහා පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වන අලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇදවැටී සිටි එම පුද්ගලයා එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ.
බරපතල තත්ත්වයේ සිටි ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි, දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.