පොලිස් අණ නොතකා පලා ගියැයි පොලිසිය කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුමුවට පත්ව ඇත.
අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුුතු වෑන් රථයක් නැවැත්වීමට පොලිසිය සංඥා කළ බවත් රථය නොනවත්වා ධාවනය කර ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත් පොලිසිය විසින් අහසට වෙඩි තබා රථය නැවැත්වීමට උත්සාහ කළද නොනවත්වා ධාවනය කර ඇත.
පසුව පොලිසිය විසින් මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි ජීප් රථයට දැනුම් දී තිබේ. ඔවුන් හඹා ගොස් නැවැත්වීමට අණ කළද වෑන් රථය නොනවත්වා ධාවනය කළ බවත් පසුව වෙඩි තැබීම හේතුවෙන් වෑන් රථ රියදුරු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සැකකටයුතු කිසිවක් වෑන් රථයේ තිබී සොයාගෙන නැත.





