/ Apr 30, 2025

පැමිණිලි භාර නොගන්නා පොලිසිවලට වැඩ වරදී

police - here's how the salary will be increased!

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

පොලිසි වෙත කෙරෙන පැමිණිලි බාර නොගෙන විවිධ හේතු ඉදිරිපත් කරන බවට පැමිණිලි ලැබෙන බවත් ලැබෙන පැමිණිලි බාරගෙන විමර්ශන කිරීම පොලිසියේ කාර්යභාරය බවත් ඉදිරියේදී කිසිදු පැමිණිල්ලක් භාර නොගෙන සිටිය නොහැකි බවද එහි දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top