ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදු කිරීමට නියමිතය.
සාමාන්‍යයෙන් පාප්වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන්වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.