/ Feb 06, 2026

ෆාදර් ෆිල්ම් එකේ මංගල දර්ශනය දවසේ වලියක් දාගෙන – ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට!

ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර අදාළ පහර දීම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි 08 වැනිදා වැල්ලවත්ත හැව්ලොක්සිටි හිදී ”ෆාදර්” චිත්‍රපටියේ මංගල දර්ශනයේදී බව සඳහන්.

හේමාල් රණසිංහ විසින් එලෙස පහර දී ඇත්තේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ ලේඛකයෙක්ට බවයි වාර්තා වුණේ.

මෙම පහර දීමේ සිද්ධියට අදාළව පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහ වෙත අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇත්ත ඔහු පොලීසියේ ඉල්ලීම නොසලකා හැර ඇති නමුත් අද දින වැල්ලවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top