පෘතුගාලයේ ජනාධිපති ලෙස මධ්‍ය වාමාංෂික ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ තේරී පත්වී තිබේ.
සමාජවාදී පක්ෂ නායක ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ හිමිකර ගත් ඡන්ද ප්‍රතිශතය 66.7%ක් වන අතර ඔහුගේ ප්‍රතිවාදී අන්තදක්ෂිණාංශික ඇන්ඩ්‍රේ වෙන්චුරාට හිමිකර ගැනීමට හැකිවුයේ 33.3%ක ඡන්ද ප්‍රතිශතයකි.
පෘතුගාල ඉතිහාසයේ වසර 20කට පසු සමාජවාදී කඳවුරෙන් පත්වු පළමු ජනාධිපතිවරයා බවට ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ පත්ව තිබේ.
ජයග්‍රහණයෙන් අනතුරුව තම පාක්ෂිකයින් අමතමින් ඔහු සඳහන් කළේ තමා සුපරික්ෂාකාරී ජනාධිපතිවරයෙකු මිස ප්‍රතිවාදීන් පෙලන්නෙකු නොවන බවයි.
ඔහුට සුබපතමින් යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් කර ඇත්තේ යුරෝපීය වටිනාකම් තුළ පෘතුගාලයේ හඬ ශක්තිමත්ව පවතින බවයි.





