/ Jun 16, 2025

පොලිසියට ලැජ්ජ නැද්ද? අල්ලන්න හොයන ප්‍රසන්න පාස්පෝට් ඔෆීස් එකටත් ගිහින්!

Former Minister Prasanna wanted for arrest

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයනා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට විදේශගමන් බලපත්‍ර කාර්යාලයටද ගොස් ඇති බවත් ඔහුගේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ රැස්වීම්වලටද සහභාගි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර අධිකරණයට දන්වා තිබේ.

හිටපු රාජ්‍ය ඇමැති සහ අනෙක් සැකකරුවන්ගේ දේපළ තහනම් කිරීමට ඉදිරි පියවරක් ලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට ඒ අනුව අධිකරණය වරෙන්තු නිකුත් කරන ලදී.

පොලිසියට තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන, මේ සැකකරු ගුවන් ගමන් බලපත්‍ර කාර්යාලයට ද පැමිණ බව හෙළිදරව් වෙද්දී මහජන ආරක්ෂක අමාත්‍යංශයද පිහිටා ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ වීම හොඳම විහිළුවයි!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top