/ Feb 18, 2026

ජනපති අනුර ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියා විශේෂ නියෝජිත හමුවෙයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව අද (18) පෙරවරුවේ හමුවී තිබේ.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුරය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (19) දිනයේදී ‘AI Impact Summit 2026’ සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සංචාරය තුළදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top