/ Jul 11, 2025

ජනපති අනුර ලබන සතියේ වියට්නාමයට යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මාසයේ දී වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඒ බව පැවසීය.

ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා මැයි 3 වන දින සිට මැයි 6 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවත් ඊට අදාළ යෝජනා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top