/ Feb 11, 2026

වතු කම්කරුවන් අතරට ගිය ජනපති අනුර!(PHOTOS)

“රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) නුවරඑළියට ගිය අතර එහිදී වතු කම්කරු ජනතාව මුණගැසී ඔවුන් සමඟද සුහද කතාබහක නිරත වී තිබුණි.

ඒ අනුව අද උදෑසන නානුඔය රදැල්ල වතුයායේ වතුකම්කරුවන් හමු වී ඔවුන් සමඟ සාකච්ඡා කර තිබුණු අතර තමන් හමුවීමට පැමිණී එකම ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බව එම වතු කම්කරුවන් පවසා ඇත.

ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළි ගැනීමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top