/ Dec 06, 2025

ජනපති සැබෑ තත්ත්වය පහදයි.රට ගොඩනැගීමේ පූර්ව සැලැස්ම මෙන්න!

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ පවතින ආර්ථිකයට ඔරොත්තු නොදෙන බැවින් නැවත රට ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන් ආධාර ලබා ගත යුතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) වත්මන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදීය.

ආර්ථිකය ගොඩනැගෙමින් තිබුණු පසුබිමක මෙවැනි ව්‍යසනයක් ආර්ථිකයට දරාගත නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවා තිබෙන අතර මෙම කාර්ය සාර්ථක කරගැනීම වෙනුවෙන් හදිසි නීතිය ද පනවා තිබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

”ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි මුදාගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය හමුදාව, පොලීසිය, ස්වෙච්ච්ජ සේවකයින්,රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් මැදිහත් වෙලා ඒක යම් ප්‍රමාණයකට අවසන් කරලා තියෙනවා. තවත් කුඩා තැන් කිහිපයක හිර වෙච්ච කණ්ඩායම් ඉන්න බවට වාර්තා වෙලා තියෙනවා. ඒ තැන්වලින් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒක තමයි අපේ පළමු කාර්ය බවට පත්වුණේ. දෙවෙනි එක තමයි අවතැන් කඳවුරුවල ඉන්න ජනතාව බලාගැනීම. තුන්වෙනි කරුණ තමයි යටිතල පහසුකම් ඇතිකරමින් යථාවත් කිරීම. අපිට දුෂ්කරතම ආකරය තමයි තියෙන්නේ නැවත ගොඩනැංවීම. මොකද මේ විනාශය ඔබතුමන්ලා දන්නවා ජීවිත කාලය තුළ සිදු වූ විශාල විනාශයක්. රට පුරා පැතිරුණු විනාශයක්. ඒ නිසා අපිට නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව කරගත යුතුව තිබෙනවා. ඒ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න තමයි අපි හදිසි නීතිය පනවල තිබෙන්නේ. සමහර කාර්යයන් කාර්යක්ෂමව කරගන්නත්, සමහර ආයතන මැදිහත්වීම සඳහා අවශ්‍ය හදිසි නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරල තිබෙනවා. එතන සියලු කටයුතු මධ්‍යගත කරන්න සූදානම් කරලා තිබෙනවා. ඊළඟට අපි Rebuild Srilanka අරමුදල කියල ෆන්ඩ් එකක් ගොඩනගන්න අපි ක්‍රියා කරනවා. ඒ ෆන්ඩ් එකට රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් කණ්ඩායමකින් කළමනාකරණ කමිටුවක් හදල අපිට විශාල ආධාර ප්‍රමාණයක් අවශ්‍යයි. මොකද මේ ව්‍යසනය අපේ ආර්ථිකය නැගිටිමින් හිටපු වෙලාවක්. ඒ නිසා මේ ව්‍යසනය අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් අපිට ආධාර ලබාගත යුතුව තිබෙනවා. ආධාර එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන අරමුදලක් ගොඩනැගීමට අපි දැනට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යගත මෙහෙයවීම සඳහා අලුත් පනතක සම්මත කළ යුතුයි කියන සාකච්ජාවක් අපි ආරම්භ කරලා තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top