ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබේ.
ඒ, සිය නිල X ගිණුමේ සටහනක් තබමිනි.
ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවයි.
එසේම සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X ගිණුමේ තැබූ සටහන මගින් තවදුරටත් පෙන්වා දී ඇත.