විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මේ පිළිබඳව සියලු අදහස් එකතු කර ගනිමින් සියලු දෙනාට පිළිගත හැකි නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එසේම, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කර ගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් පුනරුත්ථාපන කටයුතු සඳහා විධිමත් පුහුණු සංචිතයක් ගොඩනැගීමට ද උපදෙස් දී තිබේ.
මේ අතර අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු වන විට සම්පාදනය කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයටද උපදෙස් දී ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට අනුබද්ධව ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය වන ආකාරයටම ආයතන මට්ටමින්ද කමිටු ගොඩනඟා ගනිමින් මෙම ජාතික කර්තව්‍යයට සියලු ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස නිලධාරින්ව වැඩිදුරටත් දැනුවත් කර තිබේ.





