/ Dec 06, 2025

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයා ගැන හොයන්න – ජනපතිගෙන් නියෝග

කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක් පැතිරූ පුද්ගලයා කවුරුන්ද යන්න සොයන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර ඇත.

”ඊයේ රාත්‍රියේ කටකතාවක් යවල තිබෙනවා කොත්මලේ ඩෑම් එක පුපුරා යාමේ අනතුරක් තියෙනවා කියල. සාමාන්‍ය මිනිස්සු රාත්‍රියේ පාරවල්වල ඇවිදිමින් එහෙමෙහෙ දුවමින් විශාල කලබලකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. වහාම හොයන්න වුවමනාව තිබෙනවා මේ පුද්ගලයා ගැන. මම පොලිස්පතිතුමාටත් අපේ බුද්ධි සේවාවන්ටත් දැනුම් දුන්නා වහාම හොයන්න ඕනා කවුද මේ කටකතාව පැතිරුවේ කියල.” යනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන් මහතා සමඟ මාර්ගගත ක්‍රමයට පැවති සාකච්ජාවේදී පැවසීය.

එහිදී අබේකෝන් මහතා පැවසුවේ කොත්මලේ ප්‍රදේශයේ සයිරන් එකක් වරදවා අර්ථ දක්වා ඇති බවයි. ඒ අනුව පොලීසිය දැනුවත් කරමින් ඊයේ දිනයේදීම අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා තමන් නියෝග කළ බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top