අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා විසින් කැඳවීමක් කර තිබේ.
පාර්ලිමේන්තුවේදී එම රැස්වීම පැවැත්වෙන අතර ආපදාවට පත්ව තිබෙන මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශ වෙත මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද සෙසු අමාත්‍යවරු කිහිපදෙනෙක් යාමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (27) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.





