/ Dec 07, 2025

ආපදා තත්ත්වය සොයා බලන්න ජනාධිපති අනුරාධපුරයට!

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පෙරවරුවේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.

ජනතාවට සහන සැලසීමේදී මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය මෙහිදී ජනාධිපතිවරයා විසින් අගය කරන ලද අතර විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලිය සහ ජල සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබද සාකච්ඡා කර තිබේ.

මහ කන්නයේදී යළි කුඹුරු අස්වැද්දීමට කඩිනමින් ගොවි ජනතාව සුදානම් කරන ලෙසත්, ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් වගා කටයුතු සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීමට කටයුතු කරන ලෙසද නිලධාරීන් වෙත ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ඊයේ (06) දිනයේදී ජනාධිපතිවරයා මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top