අධිකරණය මගින් වරදකරුවන් කර බන්ධනාගාරගත කරන ලද සිරකරුවන් ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ නිදහස ලබා ඇති බවට අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යවා, සුදුසුකම් නොලද සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදුව ඇති බවට වාර්තා වේ.
මෙම සිදුවීම් අනාවරණයට මූලික වූ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතුල තිලකරත්න නමැත්තා නිදහස් කිරීමට අමතරව තවත් රැඳවියෙකුද එලෙස අනීතිකව නිදහස් කර ඇති බව පැවසේ.
පසුගිය පෙබරවාරි 4 පැවැති නිදහස් දිනය වෙනුවෙන්ද ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 274ක් නිදහස් කර ඇති අතර එහිදී සුදුසුකම් සපුරා නැති 11ක් ද නත්තල් දින නිදහස් කළ පිරිස අතරට සුදුසුකම් නැති 57ක්ද ඇතුළත් කර ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි කියැවේ.