/ Jan 09, 2026

කොළඹ මහ නගර සභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක්!

2010 – 2025 කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති වංචා,දුෂණ, අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව 2010 – 2025 කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති දුෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පවරා ඇති අතර රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බැලීමද කොමිසම මඟින් විමර්ශනය කරන වාර්තා කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top