/ Jun 17, 2025

ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන කුකුසක් පළ වේ

Presidential Office Vehicles

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවැනි අදියර පසුගිය දා සාර්ථකව අවසන් කෙරුණු බව එහි මාධ්‍ය අංශය නිවේදනය කළ තත්වයකදී එම වාහන අලෙවි වී උපයාගෙන ඇති මුදල් ප්‍රමාණය ගැන විවිධ සටහන් සමාජ මාධ්‍යයන්හි පළ වේ.

මෙම වෙන්දේසියේදී වාහන 26ක් අලෙවි වී තිබේ.

BMW මෝටර් රථයක්

Ford everest රථ 2ක්

Hyundai Terracan රථ 01ක්, 

Land Rover Discovery රථ 02ක්, 

Mitsubishi Montero රථ 01ක්, 

Nissan පෙට්‍රල් රථ 03ක්, 

Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, 

Porsche Cayenne මෝටර් රථ 01ක්, 

SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, 

Land Cruiser Sahara වර්ගයේ රථ 01ක්, 

V 08 රථ 06ක්, 

Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් 

මෙම වෙන්දේසියේදී අලෙවි වී තිබේ. මෙයින් උපයාගෙන තිබු ආදායම ලෙස දක්වා තිබුණේ මිලියන 200ක් එනම් රුපියල් කෝටි 20ක පමණ මුදලකි. 

බොහෝ දෙනා පවසා ඇත්තේ මෙම වාහන වර්තමාන වෙළෙඳපොලේ මිල ගණන් අනුව සැසඳීමේදී මිලියන 200ක් හෙවත් කෝටි 20ක් යනු ඉතා සුළු මුදලක් බවයි.

වාහන ආනයනය නතර කර තිබු තත්වයේදී ඉහළ ගිය වාහන මිල ගණන් ආනයන සීමා ලිහිල් කළද පහත වැටුණේ නැත. සුඛෝපභෝගී වාහන මිල ගණන් ඉතා ඉහළ බව සඳහන් කරන පිරිස් පවසන්නේ වී 8 වර්ගයේ සුඛෝපභෝගී රථයක් රුපියල් කෝටි 5කට වඩා ඉහළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top