ජනාධිපති සමාව අවභාවිත කරමින් නිදහස ලබාගත් බව කියන WM අතුල තිලකරත්න යන අයට බරපතළ වැඩ සහිතව වසර 7ක සිර දඬුවම් මහාධිකරණය විසින් ලබා දී ඇත්තේ ඔහුට විරුද්ධව පවරා තිබූ වෙනත් නඩුවක් සම්බන්ධව බව වාර්තා වේ.
ඒ කූඨ ලේඛනයක් සකස් කර බැංකුවකින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මෙසේ නියම කෙරිණි.
මෙම වංචනික ක්‍රියාවෙන් අගතියට පත් පැමිණිලිකරු වෙත රුපියල් ලක්ෂ 40ක් ගෙවන ලෙසත් එසේ නොගෙවන්නේ නම් තවත් මාස 10ක සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන්.
කෙසේවෙතත් ප්‍රශ්නගත ජනාධිපති සමාව ලබා දී තිබුණේ වෙනත් මුදල් වංචා සිදුවීමකටයි. ඔහුට මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් නඩු විශාල ප්‍රමාණයක් තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.