ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතව තිබේ.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හෙට (6) දිනය තෙල් මෙරට රැඳී සිටිනු ඇති.

