දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසූවා ය.
මෙම පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර ඇති අතර ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.
මීට අමතරව පවතින ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.





