2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර තිබේ.
මෙම විදුහල්පතිවරයාට විරුද්ධව දූෂණය චෝදනාව යටතේ අධිචෝදනා ගොණු කර තිබුණි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිසි අනුමැතියකින් තොරව දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරවීමේ චේතනාවෙන් තම විද්‍යාලයට ඇතුළත් කරගැනීම සිදුකර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ඒ අනුව එම නඩුව ඉකුත්දා විභාගයට ගන්නා අවස්ථාවේ දී අදාළ විදුහල්පතිවරයා වරද පිළිගෙන තිබේ.
අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ලේ නීතීඥවරිය දැක්වූ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ විදුහල්පතිවරයා වසර 03ක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලදී.
එමෙන්ම ඒ සඳහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් නොකිරීම විශේෂත්වයකි. එමෙන්ම වැඩිදුරටත් දඬුවම් වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, එය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිර දඬුවම් නියම කළේය.