බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල වෙනස්කම් සිදුව ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර කොමසාරිස්වරුවන් සිව් දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට වැඩබලන බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් නව රාජකාරි පවරනු ලැබ තිබේ.
ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරටත් – එම තනතුරේ සේවය කළ ආර්.එච්.පී කුමාර මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් පත් කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ, කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.
කර්මාන්ත විෂය භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න පුනරුත්ථාපන කටයුතු භාර වැඩබලන බන්ධනගාර කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.
මෙම නව පත්වීම් පැවරීම අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක වන බව සඳහන්.