/ Jun 20, 2025

මාලිමාවට සහාය දුන් ගාල්ල නි. නගරාධිපති පොහොට්ටුවෙන් දොට්ට

ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රියන්ත සහබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි සඳහන්.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබිය දී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කර, ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම තේරී පත්ව ඇති හෙයින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව, පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top