වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට බදුල්ලේ පැවැති උත්සව අවස්ථාවක් අතරතුර දැඩි විරෝධයක් එල්ල වී තිබේ. දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වූ බව සඳහන්.
විරෝධතාකරුවන් කියා සිටියේ, යෞවන සමාජ සම්මේලන නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීමක් ඇති බවයි.
ඔවුන් ඇමැතිවරයාට කෑ ගසා හූ කියමින් විරෝධතා දැක්වූ අතර සභාව ඇමැතූ ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටව ගියේ ය.
දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලන නිලධාරීන් පත් කිරීමේදී පෙර නොවූ විරූ තරම් දේශපාලන මැදිහත්වීමක් ඇතැයි චෝදනා එල්ල වෙන අතර මෙලෙස රජයේ බලවතුන්ට තවත් ස්ථානවලදී විරෝධතා එල්ල විය. ගම්පහදී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරටද දැඩි විරෝධයක් පළ විය.