/ Jul 08, 2025

1500CC අඩු වාහන ගෙන්වන්න සහනයක් දෙන්න! ; රජයෙන් විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේ දී 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබා දෙන ලෙස දේශීය ආදායම් නිලධාරීන් රජයෙන් ඉල්ලා තිබේ.

එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවයි දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා පෙන්වාදුනේ.

ඔහු මෙම අදහස් පළ කළේ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඒ අනුව, 1500CC අඩු ධාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බවත් ඒ තුළින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද ඔහු එහි දී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා වැඩිදුරටත් මෙලෙස කීය.

“අපි දන්නවා රටට විශාල වශනේ වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC කැපැසිටිය ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ.

ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC කැපෑසිටිය 1500ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවානම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවානම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි.

මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC කැපෑසිටියකට අඩු වාහන 20-25ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top