/ Jan 10, 2026

ඉරානයේ මහජන විරෝධතා තවත් උග්‍ර අතට. විරෝධතාවලින් මිය ගිය ගණනත් ඉහළට.ඉරාන රාජ්‍යයෙන් ඇමරිකාවටත් චෝදනා!

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි බලධාරීන් වේගයෙන් වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයක් හමුවේ පසුබට නොවන බවට ප්‍රතිඥා දී තිබේ.

විරෝධතාකරුවන් ‘විනාශකාරීන්’ සහ ‘කඩාකප්පල්කාරීන්’ ලෙස හඳුන්වා විරෝධතා ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනා කර ඇත.

ඉරාන මුදල් ඒකකය දැඩි ලෙස අවප්‍රමාණ වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මස 28 වන දින ඇරඹි විරෝධතා රාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කර දිවංගත ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි හට ආණ්ඩු බලය ලබා දීම දක්වා වර්ධනය වී තිබීම සුවිශේෂිය.

විරෝධතා මර්දනය කිරීමේ පියවරක් ලෙස රට තුළ අන්තර්ජාල සේවකරණය ද අත්හිටුවා තිබෙන බව සඳහන්. කෙස්වෙතත් විරෝධතාවල සිටි පුද්ගලයින් 50 ක් පමණ මිය ගොස් ඇති අතර තවත් 2,270 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටින බවද වාර්තා වෙයි.

ආරක්ෂක නිලධාරීන් ද 14දෙනෙකු ද මිය ගොස් ඇති බව දැක්වෙයි.

ඉරානයේ පවතින ඉතා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස සහ ඉරානයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉරාන රජයට පවසා තිබේ.

මෙම විරෝධතා පිළිබඳ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ “ඇමරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට” උත්සාහ කරන රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් “කරදරකාරයන්” ලෙස හදුන්වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top