“පුනරුදයට මඟ” ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අද (21) ඇරඹේ.
මෙම ව්‍යාපෘතිය මගින් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000 ක් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මෙම විශේෂ ව්‍යාපෘතියේ පළමු අදියරේ දී මාර්ග 55ක් සංවර්ධනය කිරීමට නියමිතය.
මේ වන විට ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 14ක් වෙන් කර ඇති අතර වැයවන සම්පූර්ණ මුදල ලෙස බිලියන 19ක් ලෙස ගණන් බලා ඇත.