6 ශ්‍රේණිය මොඩියුලය නිසිලෙස සකස් කරගැනීමට නොහැකි ආණ්ඩුව රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ කෙසේද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානී කිරිඇල්ල විමසා සිටියි.
ඒ, අද (06) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරනවානම් අගමැතිවරිය, අධ්‍යාපන ලේකම්, ඇතුළු වගකීම දරන පුද්ගලයන් සියලුම දෙනා ඉල්ලා අස්විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.
”මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන්ද දැඩි කම්පනයකට පත්ව තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පාර්ශ්වය කිසිදු වගකීමක් භාර ගන්නේ නැහැ. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම, අදාල මොඩියුල මුද්‍රණය කිරීම, ඇතුළු සියලුම කාර්යයන් සිදු කළේ වර්තමාන ජාතික ජනබලවේග රජය. නමුත් අද වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය ආණ්ඩු පාර්ශ්වයට විරුද්ධවම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රශ්නයේ වරද රජයේ නිලධාරීන් පිට පටවන්න ආණ්ඩුව උත්සහ කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරනවානම් අගමැතිවරිය, අධ්‍යාපන ලේකම්, ඇතුළු වගකිම දරන පුද්ගලයන් සියලුම දෙනා ඉල්ලා අස්විය යුතුයි. කෙසේ නමුත් 6 ශ්‍රේණියේ මොඩියුලය සකසා ගැනීමට නොහැකි රජයක් රටේ ආර්ථික ගැටලු විසදන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම අගමැතිවරියට මේ සම්බන්ධයෙන් විශාල මඩ ප්‍රහාරක් එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙම සිද්ධිය විපක්ෂයේ කුමන්ත්‍රණයක් බවට වන ප්‍රකාශයක් අගමැතිවරිය සිදුකර තිබුණා. අගමැතිවරියගේ එම ප්‍රකාශය සම්බන්ධයෙනුත් සැකයක් තිබෙනවා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ වගකිව යුතු සියලුම දෙනා පත්කළේ ආණ්ඩුවයි. කෙසේ නමුත් ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සමගි ජනබලවේගයටත් සැකයක් තිබෙනවා.”





