/ Nov 13, 2025

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු.කැබිනට් අනුමැතියත් හිමිවෙයි!

දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම තත්ත්වය වෙනස් කරමින් කාන්තාවන්ටද එම අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණි.

දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව ඉහත තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top