/ Aug 12, 2025

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරෙන් නෙරපයි

දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (11දා) ලැබී ඇතිබව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර ඇත.

දුම්රිය ධාවනයේ පවතින අඩුපාඩු සහ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කිහිපවතාවක්ම ඇමැති බිමල් රත්නායක විසින් දෝෂදර්ශනයට ලක් කර ඇත. දෙපාර්තමේන්තුවේ පවතින එම තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් තනතුරින් ඉවත් වන ලෙස ඇමැතිවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් ඒ ඔහු ඉල්ලා අස් නොවීම හේතුවෙන් ඔහු දුම්රිය සාමාන්‍යධිකාරී ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇමැතිවරයා විසින් සති දෙකකට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව එම යෝජනාවට ඊයේ අනුමැතිය හිමිවී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top