/ Aug 02, 2025

දිවයින පුරා වැසි තත්වයක්!

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) අලුයම නිවේදනය කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. එසේ ම උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවද සඳහන් විය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයේ දැක්වුණේ.

රටපුරා බොහෝ ස්ථානවල වැසි සහිත තත්වයක් පවතින බවද මේ වන විට වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top