හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙලෙස හිටපු ඇමැතිවරයා සහ අනෙක් දෙදෙනාට අධිචෝදනා ගොනු කර තිබේ.
මේ වන විට හිටපු ඇමැතිවරයා ඇතුළු දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර උක්ත නඩුකරය 2026 ජනවාරි 30 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.