රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
අද (11) දින අලුයම නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබු අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබු එකකි.
මේ වන විට එම අනතුරෙන් දිවි අහිමි වුණ සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෑත කාලයේ අනතුරකින් එලෙස දිවි අහිමි වුණ වැඩිම සංඛ්‍යාව මෙය බවයි තතු දත් ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.