/ Feb 06, 2026

රනිල් – සජිත් මුහුණට මුහුණ හමුවෙයි!

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) සිදුව තිබේ.

ඒ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී ය.

පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම උත්සවය සඳහා රනිල් – සජිත් දෙදෙනාටම ආරාධනා ලැබී තිබුණු අතර ඔවුන්ට ආසන පනවා තිබී ඇත්තේ ද එකම මේසයකය.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් රනිල් – සජිත් දෙදෙනා මෙහිදී සුහද සාකච්ඡාවක නිරත වී සිට ඇති අතර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද එම මේසයෙහි අසුන්ගෙන සිට ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය ඒකාබද්ධව කටයුතු කිරීම වෙන්වෙන් වූ අවසන් එකඟතාවට පැමිණීම වනුවෙන් දෙපාර්ශවය අතර සකච්ජාද පැවැත්වෙමින් තිබෙන අතර සමඟි ජන බලවේගය පාර්ශ්වයෙන් ඊට සෘජුවම මැදිහත් වී සිටින්නේ සජිත් ප්‍රේමදාසය.

ඒ අනුව දෙපාර්ශවයේ සහයෝගය වැඩි දියුණු කරමින් ශක්තිමත් කිරීම වෙනුවෙන් යෝජිත එකී සන්ධානයේ අනුශාසකත්වය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටත් සන්ධානයේ නයාකත්වය සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමටත් යෝජනාවක් පවතින බවද සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top