හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කර තිබේ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කර ඇති අතර
එහි පැමිණ සිටි වන්දනාකරුවෝද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමග සුහද කතාබහක නිරත වී ඇත.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු පිරිසක් එක් විය.







