හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.
අද (1) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු කන්කසන්තුරය පොලිසියට මාරු කර ඇති බව සඳහන්.
මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ද හිමිව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට හෙවත් පිල්ලෙයාන්ට, දුරකතන ඇමතුමක්දීමට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුට ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ස්ථාන මාරුව ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වසර 23ක් පුරාවට හිටපු රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් ද සේවය කර තිබේ.