/ Oct 25, 2025

‘වන්ෂොට්’ ආණ්ඩුව ෂෝක් කියයි!

ජනප්‍රිය නළු හිටපු අමාත්‍ය රන්ජන් රාමානායක වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර තිබේ. ඔහු පවසන්නේ වත්මන් රජය සම්බන්ධයෙන් තම විශ්වාසය 100%ක් බවයි.

පෙර පැවැති රජයන් සමග සැසඳීමේදී වත්මන් පාලනය පෙරළා දැමීමට තරම් වරදක් කර නොමැති බව රන්ජන් පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට මේ වන විට දූෂණය අවම මට්ටමක පවතින අතර, සොරකම් කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන යමින් සිටියි.

අපරාධවලට සම්බන්ධ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙන් සොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන බවත්, එමගින් භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි. යහපාලන සමයේදී පවා මහ බැංකු සිද්ධියක් වූ බව සිහිපත් කරන ඒ මහතා, වත්මන් ආණ්ඩුවේ යම් සුළු වැරදි තිබුණද ඒවා සාපරාධී මට්ටමේ දේවල් නොවන බව අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top