/ Dec 07, 2025

පළාතක්ම අඳුරු කළ රන්ටැඹේ – මහියංගනය සම්ප්‍රේෂණ පද්ධතිය යථාතත්ත්වයට!

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඊයේ (06) පස්වරුව වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

ඊයේ පස්වරු 5.30 පමණ වන විට මෙම පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව මහියංගනය මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලට යලි විදුලි සැපයුම ලබාදී ඇති අතර එළඹෙන 10 වෙනිදා පමණ වන විට යථාතත්ත්වයට පත් කිරීමට සැලසුම් කර තිබුණ එම පද්ධතිය ලංකා විදුලි බල මණ්ඩලයේ දැඩි කැපවීම මත එය කඩිනමින් යථාවත් කිරීමට හැකිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top