/ Aug 09, 2025

අතන මෙතන කොතනවත් රතන හිමි නෑ!

අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ ආරවුල මත දැනට වසර 5කට ඉහතදී එම පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගෙන ගොස් බියගන්වා අඩන්තේට්ටම් කළ බවට වන සිද්ධිය මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය එහිමි විහාරවාසී වන රාජගිරියේ සදහම් සෙවණට ගියද එහි රතන හිමි නැතැයි වාර්තා වේ.

හිටපු මන්ත්‍රී හිමියෝ දුරකතනය ද විසන්ධි කර දමා සැඟව ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් වැඩ තහනම් කරනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රශ්න කෙරෙන බව පැවසෙන්නේ ඔහුද ඊට සම්බන්ධ බව පැහැරගැනීමට ලක්වූ හිමියන් ප්‍රකාශ කර ඇති බැවිනි. අපේ ජන බල පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු 2024 වසරේ ජනවාරි මස 22 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top