/ Dec 29, 2025

ආපදාවට පත් පාසල් ගොඩනගන්න ප්‍රතිෂ්ඨා එයි!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

එය ප්‍රතිෂ්ඨා ලෙස නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන හරහා පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා කියාසිටියි.

ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති අතර 1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකියි.

07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරන බවයි කලුවැව මහතා පවසන්නේ.

ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති අතර වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේය.

එම සංඛ්‍යාව 330ක් ලෙස දැක්වෙයි.

බස්නාහිර පළාත් පාසල් 266කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව තිබෙන අතර නැගෙනහිර පළාතේ එය දැක්වෙනේ 221ක් ලෙසය.

වයඹ පළාතේ පාසල් 136 කට හානි සිදුව ඇති අතර ඌව පළාතේද පාසල් 129 කට හානි සිදුව තිබේ.

ඒ අනුව ප්‍රතිෂ්ඨා වැඩසටහන යටතේ හානි වී ඇති පැසක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් දායකත්වය දිය හැකියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top