/ Jul 12, 2025

ෆොන්සේකාගෙන් ආණ්ඩුව ගැන රෙකමදාරුවක්!

පැවැති රජයන්ට වඩා වත්මන් රජය අනිවාර්යෙන් යහපත් එකක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඇතැම් අංශවලින් යම් යම් පසුබෑම් පෙන්නුම් කළද, හොර මැරකම්, නොමැතිවීම වංචාව දූෂණය නැවැතීමට රජය ගෙන ඇති සාධනීය පියවරයන් පැත්තෙන් රජය සාධනීය බව ඔහු අවධාරණය කළේ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතා මුදල් අවභාවිත කළ පිරිස් හිරගෙවලට යන ආකාරය දක්නට ලැබන බවත්, එය තවදුරටත් සාර්ථක වුවහොත් රටට විශාල ශක්තියක් ලැබෙන බවත් මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමද ඒ අයුරින්ම සිදුවිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top